චීන ජනපති Cangzhou නගරයේ නිරීක්ෂණ සංචාරයක
2023-05-11 20:43:15
Share with:

 

  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(11) හෙබෙයි පළාතේ Cangzhou නගරයේ නිරීක්ෂණ සංචාරයකට එක් විය.

   ඔහු එම නගර පරිපාලනයට අයත් Huanghua නගරයේ ජියුචෙන්ග් උපනගරයේ වියළි හා ක්ෂාර භූමියක පිහිටි තිරිඟු වගාබිම නිරීක්ෂණය කරමින්, එම භූමියේ වගා කෙරෙන තිරිඟු වගාව ප්‍රචලිත කිරීමේ හා කර්මාන්තකරණයේ තත්ත්වය පිළිබඳව විමසා බැලුවේය. මේ වන විට වියළි හා ක්ෂාර බිමේ වගා කෙරෙන තිරිඟු වගාවට පූර්ණ කර්මාන්ත දාමයක් Cangzhou නගරයේ නිර්මාණය වී තිබේ. 2022 වසරේ එම වර්ගයේ තිරිඟු නිෂ්පාදන ධාරිතාව ටොන් දෙලක්ෂ විසි තුන්දහස් හත්සියයක් පමණ විය.

අනතුරුව ජනාධිපතිවරයා Huanghua නගරයේ වෙරළබඩ ප්‍රදේශයේ ගල් අඟුරු වරාය කලාපය නිරීක්ෂණය කරමින් එහි ව්‍යාපාරික කටයුතු හා සංවර්ධන සැලැස්ම පිළිබඳව අවධානය යොමු කළේය. Huanghua නගරයේ ගල් අඟුරු වරාය කලාපය, රටේ ගල් අඟුරු සම්පත් ප්‍රවාහනයට ඉතා වැදගත් ගමනාගමන සංධිස්ථානයකි. 2022 වසරේ අග භාගය වන විට, එහි ගල් අඟුරු ගොඩබෑමේ සහ පැටවීමේ සමස්ත ධාරිතාව ටොන් බිලියන 2.5 ඉක්මවා ගොස් ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම