චීන ජනාධිපතිවරයා ෂියොං අන් නව කලාපයේ නිරීක්ෂණ චාරිකාවක
2023-05-11 11:14:44
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං අගනුවරට කිලෝමීටර් 100කට වැඩි දුරකින් පිහිටි ෂියොං අන් නව කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

2017  වසරේ අප්‍රේල් මාසයේ ෂියොං අන් නව කලාපය ස්ථාපිත කෙරිණ. මෙම යෞවන නගරය බිහි වූයේ විශේෂ පසුබිමක් යටතේ ය. වසර 3000කට වැඩි ඉතිහාසයක් හිමි බෙයිජිං නගරය 21වැනි සියවසට පිවිසීමේදී මහ නගරයක් වශයෙන් විවිධ ගැටළුවලට මුහුණ දී සිටී. අගනුවර මැනවින් සංවර්ධනය හා පරිපාලනය කිරීම, චීන රාජ්‍ය පරිපාලන පද්ධති හා හැකියා සංවර්ධනය නවීකරණය කරා ගෙන යාමේ වැදගත් කොටසක් බව ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. බෙයිජිං අගනුවර මුහුණ දී සිටින ගැටළු නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව විවිධ ආයතන හා බොහෝ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ මතය අනුව ෂියොං අන් නව කලාපය ඉදිකිරීමට තීරණය කෙරිණ. භූගෝලීය පිහිටීම, ගමනාගමනය, ඉඩම් හා පරිසර ධාරිතාව, ජනගහන සැකැස්ම සහ ආර්ථික හා සමාජීය තත්ත්වය වැනි සාධක සැලකිල්ලට ගෙන එසේ තීරණය කෙරිණ.

2017 වසරේ සිට මේ දක්වා වසර 6ක් ගෙවී ගොස් ෂියොං අන් නව කලාපය ඉහළ මට්ටමේ නවීකරණ නගරයක් වශයෙන් ඉදි කෙරෙමින් පවතී. හරිත, සුහුරු හා නවීණත්වයෙන් යුත් මෙම යෞවන නගරය, බෙයිජිං අගනුවර ඇතැම් භූමිකාවලින් නිදහස් කිරීම, ෂියොං අන් නව කලාපය ඉදිකිරීමේ ප්‍රධානම අරමුණ බව ෂී ජින් පිං ජනාධිපතිවරයා ඊයේ (10) සිදු කළ සංචාරයේදී පැවසීය. ෂියොං අන් චාරිකාවේ දී හෙතෙම ෂියොං අන් නව කලාපය ඉහළ ප්‍රමිතියෙන් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීමේ තේමාගත සාකච්ඡාවක මුලසුන දැරීය. විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ස්ථාවරව සහ ප්‍රායෝගිකව ක්‍රියා කරමින් ෂියොං අන් නව කලාපයේ සංවර්ධනයේ නව ප්‍රගතීන් අඛණ්ඩව සාක්ෂාත් කර ගත යුතු බව හෙතෙම එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම