ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට
2023-05-11 17:10:19
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් අද(11)දිවයිනට පැමිණ තිබේ. මෙම නියෝජිත පිරිස ලබන 23 වන දින දක්වා කාලය තුළ දිවයිනේ රැඳී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර පවත්වන නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් සඳහා ඔවුන් ලංකාවට පැමිණ තිබේ.

මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද සහභාගී වන බව මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.

අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම