චීන ජනාධිපතිවරයා චීන නාවික හමුදාවේ සබ්මැරීන යුධ කණ්ඩායමක භටයින්ට පිළිතුරු ලිපියක් යොමු කරයි
2023-05-11 19:20:35
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා  චීන නාවික හමුදාවට අයත් සබ්මැරීන බලකායේ සබ්මැරීන යුධ කණ්ඩායමක සමස්ත භටයින්ට පිළිතුරු ලිපියක් යොමු කරයි.

මහ සයුරේ හමුදා රණශූරයින් බිහි කර ගැනීම අරමුණු ගනිමින්  ‘හමුදාව ගොඩනැගීමේ සියවසේ ඉලක්කය’ සාක්ෂාත් කර ගැනීමට වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙන ලෙස ඔහු එහිදී එම හමුදා භටයින් දිරිමත් කරමින් ප්‍රකාශ කර ඇත.

සබ්මැරීන බලකායේ සටන්බිම, ගැඹුරු සාගරය බවත් ඔවුන්ගේ මෙහෙවර කීර්තිමත් හා දුෂ්කර වූවක් බවත් ඔහු අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ හා ජනතාවගේ අපේක්ෂාවන් සිතෙහි තබාගෙන, සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉහළ නංවමින්, පූර්ණ හැකියාවන් සහිතව මහ සයුරේ හමුදා රණශූරයින් ලෙස පුහුණුව ලබනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම