යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීමට අඛණ්ඩව සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.
2023-05-11 17:17:04
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(11) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මේ බව ප්‍රකාශ කර ඇත. චීනය රුසියාව සමග පවතින සබඳතාවය යොදා ගනිමින්, රුසියාව මුහුණ පා ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ තේරුම් කිරීමට සහය විය යුතු බව, චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය Qin Gang මහතා මේ සතියේ යුරෝපයේ සිදු කරන සංචාරය අතරතුර, ප්‍රංශ විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. මේ සම්බන්ධයෙන් වං වෙන්බින් මහතා පැවසුවේ, චීනය සෑම විටම සාම සාකච්ඡා ප්‍රවර්ධනය කරමින්, එම ගැටලුව දේශපාලන ක්‍රමය මගින් විසඳා ගැනීමට පොළඹවන බවයි. චීනය යුක්රේන අර්බුදයේ නිර්මාණකරුවෙක් හෝ ඊට කිසිසේත්ම සම්බන්ධ පාර්ශ්වයක් නොවේ. අදාල පාර්ශ්වයන් මෙම අර්බුදය පිළිබඳව ගැඹුරින් ආවර්ජනය කර ගත යුතු ය. සංවාදය මගින් යුරෝපයේ සදාකාලික සාමය සහ ස්ථාවරත්වය සඳහා වන මාර්ගය පොදුවේ සොයා ගැනීම චීනයේ අපේක්ෂාව බව ද වං වෙන්බින් මහතා සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම