ත්‍රස්තවාදී සංවිධාන මර්දනය කිරීම පිළිබඳ ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයේ ලිඛිත පොරොන්දුව ඉදිරි චීන-ඇෆ්ගනිස්ථාන සබඳතාවට වැදගත් බව චීනය පවසයි
2023-05-10 18:45:13
Share with:

නැගෙනහිර තුර්කිස්ථාන ඉස්ලාමීය ක්‍රියාකාරී ව්‍යාපාරය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන මර්දනය කිරීම පිළිබඳ ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයේ ලිඛිත පොරොන්දුව ඉදිරි චීන-ඇෆ්ගනිස්ථාන සබඳතාවට වැදගත් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

පසුගිය හයවන දා පැවති චීන-ඇෆ්ගන්-පකිස්තාන විදේශ අමාත්‍යවරුන්ගේ සංවාදයෙන් පසුව එහි ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරිණ. දේශපාලන, සංවර්ධන හා ආරක්ෂිත ක්ෂේත්‍රවල එකඟතා ගැඹුරු කිරීම පිළිබඳව එම රටවල් තුන එහිදී එකඟතාවයකට පැමිණ ඇත. එය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජය පළ කර ඇති ප්‍රථම බහුපාර්ශ්වික එකඟතා ලේඛනයයි. එමෙන්ම, නැගෙනහිර තුර්කිස්ථාන ඉස්ලාමීය ක්‍රියාකාරී ව්‍යාපාරය ඇතුළු බලවේගයන්ට ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදීමට ඉඩ නොදෙන බවට, ඇෆ්ගන් තලේබාන් සංවිධානය ලිඛිතව පොරොන්දු වූ පළමු අවස්ථාව ද මෙය වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසීය. එය ඉදිරි චීන-ඇෆ්ගන් සබඳතාව සහ කලාපීය ත්‍රස්ත විරෝධී ආරක්ෂක සහයෝගීතාවයට ඉතා වැදගත් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම