ලෝක සෞඛ්‍ය සමුළුව භාවිත කරමින් තායිවාන ප්‍රශ්නය උග්‍ර කිරීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසයි
2023-05-10 17:04:11
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශය මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට සහභාගිවීම දිරිමත් කිරීම පිළිබඳ ඇමරිකාවේ මැදිහත්වීම චීනය තරයේ හෙළා දකී. මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේ නිරීක්ෂකයෙක් ලෙස සහභාගී වීමට තායිවාන ප්‍රදේශයට ආරාධනා කරනු ඇතැයි ඇමරිකාව බලා‍පොරොත්තුවෙන් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ඊයේ (9) ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (10) දැඩි විරෝධය පළ කළේය.

චීන තායිවාන ප්‍රදේශය ජාත්‍යන්තර සංවිධානවල ක්‍රියාකාරකම්වලට සහභාගි විය යුත්තේ එකම චීනය මූලධර්මය මත පදනම්ව පමණක් බව හෙතෙම අවධාරණය කළේය. 

ලෝක සෞඛ්‍ය සමුළුව යොදා ගනිමින් තායිවාන ප්‍රශ්නය උග්‍ර කිරීමේ උත්සාහය ඇමරිකාව වහාම අත්හැරිය යුතු බව හෙතෙම පැවසීය. තායිවාන ප්‍රශ්නය හරහා චීනයට හානි කිරීමේ සියලු ප්‍රයත්නයන් අවසානයේ සම්පූර්ණයෙන්ම අසාර්ථකත්වයට පත් වනු ඇතැයි Wang Wenbin මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම