චීන ජනපති ෂියොන්ග් අන් නව කලාපයේ නිරීක්ෂණ සංචාරයක
2023-05-10 19:57:06
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හෙබෙයි පළාතේ ෂියොන්ග් අන් නව කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි.

එම චාරිකාවේ දී ඔහු ෂියොන්ග් අන් නව කලාපය ඉහළ ප්‍රමිතියෙන් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීම තේමා කර ගත් සාකච්ඡාවක මුලසුන දැරුවේය. විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ස්ථාවරව සහ ප්‍රායෝගිකව ක්‍රියා කරමින් එම කලාපයේ සංවර්ධනයේ නව ප්‍රගතීන් සාක්ෂාත් කර ගැනීම අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු යැයි ඔහු එහිදී උපදෙස් ලබා දී තිබේ.

හෙතෙම විශේෂයෙන් ෂියොන්ග් අන් නව කලාපයේ අධිවේගී දුම්රිය නැවතුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කළේය. මෙම අධිවේගී දුම්රිය නැවතුම් මධ්‍යස්ථානය, ෂියොන්ග් අන් නව කලාපයේ සිදු කළ පළමු සහ විශාලම පරිමාණයේ යටිතල පහසුකම් ව්‍යාපෘතියයි. 2020 වසරේ දෙසැම්බර් මස 27වනදා එය විවෘත විය.  බෙයිජිං හා ෂියොන්ග් අන් නව කලාපය යා කෙරෙන අන්තර් නාගරික දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග, බෙයිජිං, ටියන්ජින් සහ හෙබෙයි කලාපයන්හි දුම්රිය මාර්ග ජාලයක් නිර්මාණය වී ඇති අතර, අදාළ ගමනාගමන සේවාව තවදුරටත් පරිපූර්ණ වී ඇත.‍

ඉන් පසුව ෂී ජින්පිං මහතා ෂියොන්ග් අන් නව කලාපයේ පිහිටි Nanwenying ජන නිවාස සංකීර්ණයට පැමිණියේය. එහි පිහිටා ඇති ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ ජනතාවට සේවාවන් සැපයීමේ මධ්‍යස්ථානය’ ජනතාව වෙත දේශපාලන හා විවිධ මහජන සේවාවන් 45ක් සපයා ඇත. අනතුරුව ඖෂධ අලෙවිසැල්, එළවළු අලෙවිසැල්, පෙර පාසල්, ආගන්තුක සේවා ස්ථාන යන සමීප පහසුකම් නිවැසියන්ට උසස් තත්ත්වයෙන් යුතුව ලබා දී තිබේ.

ජනාධිපතිවරයා ෂියොන්ග් අන් නගරාන්තර දුම්රිය ස්ථානය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වන ස්ථානයන්හි ද නිරීක්ෂණ සංචාරයකට එක්ව ඇත. ෂියොන්ග් අන් නව කලාපයේ ආරම්භක ප්‍රදේශයේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති ‍සහ නාගරික පොදු සේවා ව්‍යාපෘති සැලසුම් කිරීම් හා ඉදිකිරීම්වල තත්ත්වය පිළිබඳව ඔහු අවධානය යොමු කළේය. දැනට එහි අලෙවිකරණ ව්‍යාපෘතිය ක්‍රමයෙන් ඉදිරියට යමින් පවතින අතර, මහජන පොදු සේවා පහසුකම් සම්පූර්ණ කිරීම ද කඩිනම් කෙරේ. ජෛව පාරිසරික පද්ධතිය හා ප්‍රවාහන පද්ධතියේ ප්‍රධාන ව්‍යුහය ද මූලිකව ඉදිකෙරෙමින් ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම