ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයක් චීනය ප්‍රතික්ෂේප කරයි
2023-05-10 20:58:53
Share with:

 ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken, චීනයේ ෂින්ජියං හා ටිබෙට් ප්‍රදේශයට අදාළව මෑතකදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

චීන රජය සිය ෂින්ජියං හා ටිබෙට් ප්‍රදේශවල වෙසෙන සුළු ජන වාර්ගිකයින්ගේ පාලනය හා අධීක්ෂණයේ නව පියවරක් ලෙස ඔවුන්‍ගේ DNA ජෛව දත්ත එකතු කළ බව Antony  Blinken පවසයි.

Antony Blinkenගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය ඇමරිකානු පාර්ශ්වය විසින් නිර්මාණය කරන ලද අර්ථ විරහිත අසත්‍ය පුවතක් බවත් අද(10) පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පැවසීය.

චීනය නිත්‍යානුකූල පාලනය යටතේ පවතින රටකි. ඕනෑම ජාතියක් නියෝජනය කරන චීන පුරවැසියෙකුට, ඔහු හෝ ඇයගේ පුද්ගලික තොරතුරු නෛතිකමය වශයෙන් සුරක්ෂිත කරන බව ද ඔහු අවධාරණය කර ඇත.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම