චීන විදේශ අමාත්‍යවරයා සහ ජර්මානු විදේශ අමාත්‍යවරිය එක්ව මාධ්‍ය හමුවක් පවත්වති
2023-05-10 18:39:25
Share with:

චීන විදේශ ඇමති Qin Gang මහතා සහ ජර්මානු විදේශ ඇමතිනි  Annalena Baerbock මහත්මිය එක්ව මාධ්‍ය හමුවක් පවත්වති. එම මාධ්‍ය හමුව ඊයේ(9) බර්ලින්හිදී පැවැත්විණ.

ලෝකයේ ප්‍රධාන සහ දැවැන්ත ආර්ථිකයක් හිමි රටවල් දෙකක් හා අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් ලෙස, චීනය හා ජර්මනිය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතා හා සමස්ත මානවයාගේ තිරසර සුබසාධනය වෙනුවෙන්, උපායමාර්ගික ස්වාධීනත්වය, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය සහ සහයෝගිතාවය තහවුරු කළ යුතු බව  Qin Gang මහතා එහිදී කියා සිටි‍යේය. ගෝලීය ආර්ථික පුනර්ජීවනයේ ප්‍රවර්ධකයා, ලෝක සාමයේ ආරක්ෂකයා හා පශ්චාත් ජාත්‍යන්තර යුධ පර්යායේ සහතික කරන්නා ලෙස ජර්මනිය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ‍පැවසීය.

යුක්‍රේන ගැටලුව අතිශය සංකීර්ණත්වයෙන් යුතු ය. එය සරලව වටහා ගෙන, තීරණ ගැනීම හෝ භාවාත්මක ප්‍රවේශය තුළින්, නිසි විසඳුමක් අපේක්ෂා කළ නොහැක. සන්සුන් හා තාර්කික ආකල්පයක සිට දේශපාලන විසඳුමක් සොයා ගැනීමෙන් පමණක් ගැටලුව නිරාකරණය කර ගත හැකි බව Qin Gang මහතා පෙන්වා දෙයි.

මේ අතර, අවදානම් සමග කටයුතු කිරීමේ දී  චීනය යුරෝපයට වැදගත් හවුල්කරුවෙකු බවත්, චීන වෙළඳපොලේ අවස්ථා හා සංවර්ධන වාසි ලබා ගැනීමට යුරෝපයේ එක්වීම පිළිගන්නා බවත් ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම