චීන විදේශ වෙළදාමේ කැපී‍ පෙනෙන වර්ධනයක්
2023-05-10 09:55:03
Share with:

චීන රේගු මහා පරිපාලනය ඊයේ (9) නිකුත් කළ දත්තවලට අනුව අප්‍රේල් මාසයේදී චීනයේ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 2.02ක් වූ අතර එය පසුගිය වසරට වඩා 16.8%ක වර්ධනයකි. අප්‍රේල් මාසයේදී මෙම අපනයන දත්ත නැවතත් පූර්ව ඉලක්කයන් ඉක්මවා ගියේය. AP පුවත් සේවයේ වාර්තාවක් මගින් ගෝලීය ඉල්ලුම දුර්වල වුවද, චීනයේ අපනයන අනපේක්ෂිත ලෙස ශක්තිමත් ගම්‍යතාවක් පෙන්නුම් කර ඇතැයි සඳහන් කර තිබේ.

චීනයේ විදේශ වෙළඳාම අනපේක්ෂිත ලෙස ශක්තිමත් ගම්‍යතාවක් පවත්වා ගැනීම චීන රජය විසින් ඉහළ මට්ටමේ විවෘත කිරීම් අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම සහ විදේශ වෙළඳාම ස්ථාවර කිරීම සඳහා අඛණ්ඩව පියවර හඳුන්වා දීමෙන් වෙන් කළ නොහැකි ය. මෙම වසරේ ආරම්භයේ සිට, චීනයේ විවිධ මට්ටම් ආණ්ඩු විදේශ වෙළඳාමේ දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර රැසක් ගෙන  ඇති අතර, චීන සමාගම් ඇණවුම් ලබා ගැනීමට විදේශ වෙළඳපොල වෙත තවදුරටත් ප්‍රවේශ වී තිබේ. අප්‍රේල් මස අවසානයේදී, චීන රජය දේශීය ප්‍රදර්ශන සම්පූර්ණ‍යෙන් ප්‍රකෘතිමත් කිරීම, විදේශ වෙළඳ සමාගම් සඳහා නව සංවර්ධන අවස්ථා රැසක් ගෙන ඇත.

වර්තමානයේ, නව අවස්ථා නිරන්තරයෙන් මතුවෙමින් පවතී. ජූනි මස 2වැනිදා, සාමාජික රටවල් 15ක් සම්බන්ධ වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම (RCEP) සම්පූර්ණයෙන් බලාත්මක වනු ඇත. මෙමගින් විදේශයන් තුළ ක්‍රියාත්මක චීන විදේශ වෙළෙඳ ව්‍යාපාරවලට වැඩි ප්‍රතිලාභ අත්වේ.

මෑතකදී, ඇමරිකාවේ සහ යුරෝපයේ බැංකු කර්මාන්තය නිරන්තර අවදානම් තත්ත්වයන්ට මුහුණ දී ඇති අතර, ඇමරිකාව සහ යුරෝපය තවදුරටත් පොලී අනුපාත ඉහළ නංවමින් සිටින අතර ගෝලීය ආර්ථිකයේ පහත වැටීමේ පීඩනය වැඩි වී තිබේ. එහෙත්, චීනය ප්‍රදර්ශන මාලාවක් සංවිධාන කිරීම, වඩාත් පහසු පිරිස් හුවමාරුව සහ වෙළඳ නවෝත්පාදනය අඛණ්ඩව ගැඹුරු වීමත් සමඟ විදේශ වෙළඳාම වර්ධනය වී චීනයේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් වන බවට ප්‍රබල සංඥාවක් ලෝකයට ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම