වසර සියයකට පෙර බ්‍රිතාන්‍යය විසින් ණයට ගත් පුරාවස්තු 6000ක් පමණ යළි ඉරාකයට
2023-05-10 15:12:22
Share with:

වසර සියයකට පෙර බ්‍රිතාන්‍යය විසින් ණයට ගත් පුරාවස්තු 6000ක් පමණ ප්‍රමාණයක් ඉරාකයට යළි ලබා දෙයි. ඉරාක ජනාධිපති Abdul Latif Rashid මහතා ඊයේ(9) මේ බව ප්‍රකාශ කළේය. 

අදාළ පුරාවස්තු 1923 වසරේ “ විද්‍යාත්මක පර්යේෂණ ” සඳහා බ්‍රිතාන්‍යයට ලබා දුන් බව හෙතෙම සඳහන් කළේය. සිය රටේ කොල්ලකෑම්වලට ලක්වූ, සොරකම් කරන ලද සහ පුරාවස්තු ජාවාරම්වලට හසු වූ විදෙස්ගත පුරාවස්තු යළි ලබා ගැනීමට ඉරාකය අඛණ්ඩව කටයුතු කරන බව ද හෙතෙම පවසා ඇත.

බ්‍රිතාන්‍යයේ තුන්වන Charles රජුගේ රාජාභිෂේකය සැමරීමට එක්වූ ජනාධිපති Abdul Latif Rashid මහතා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන අතරතුරදී  අදාළ පුරාවස්තු නැවත භාරදීමට කටයුතු කර ඇත.

2003 වසරේ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු, ඉරාකයේ පුරාවස්තු විශාල ප්‍රමාණයක් කොල්ලකෑමට සහ විනාශයට ලක්විය.  2021 වසරේ ඉරාක රජය ඇමරිකාව කොල්ලකන ලද පුරාවස්තු 17,000ක් පමණ සාර්ථකව යළි සොයාගත් අතර, එය ඉරාකය නැවත හිමි කර ගත් විශාලතම පුරාවස්තු ප්‍රමාණයයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම