Abyei ප්‍රදේශයේ ප්‍රශ්නය සාමකාමීව විසඳීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි
2023-05-10 10:16:37
Share with:

Abyei ප්‍රදේශයේ ප්‍රශ්නයට සුඩාන ගැටුමේ ඍණාත්මක බලපෑම් එල්ලවීමක් සිදු නොවනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

එහි තත්ත්වය විමර්ශනය කර සාකච්ඡා කරමින් එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Dai Bing මහතා ආරක්ෂක මණ්ඩලයේ පැවසුවේ Abyei ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් අදාළ පාර්ශ්වය අඛණ්ඩව හිතකර කොන්දේසි ඉදිරිපත් කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවයි.

සුඩානය හා දකුණු සුඩානය Abyei ප්‍රශ්නය සම්බන්ධ පාර්ශ්වයන්ය.‍ දේශපාලන ක්‍රමයෙන් Abyei ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් දෙපාර්ශ්වය සංවාද හා සහයෝගිතා පැවැත්විය යුතුය. සුඩානය කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කරනු ඇතැයි  චීනය අපේක්ෂා කරයි. සුඩානය හා දකුණු සුඩානය සංවාද හා සහයෝගිතා පැවැත්වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් පැමිණ ඇති එකඟතාවන් ක්‍රියාවට නැංවීමට හැකිවෙතැයි චීනය විශ්වාස කරන බව Dai Bing මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම