ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක්
2023-05-10 18:09:48
Share with:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බව පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන් වේ. මෙහි පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද සහභාගී වී ඇති අතර, එහිදී ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් විසින් සිදුකළ බව පැරිස් සමාජය නිවේදනය කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති ප්‍රථම සාකච්ඡාව සඳහා චීනය ද සහභාගි වී තිබේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ඊයේ (09) පැවති දෛනික මාධ්‍ය හමුවේ දී තවදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීන මූල්‍ය ආයතන සඳහා උපරිම සහාය දක්වන බවයි.  මේ පිළිබඳ ස්ථීරසාර විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමග සමීප සංවාදයක නිරත වන බව ද ඔහු එහි දී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම