චීන ජනපති ෂියොන්ග් අන් නගරාන්තර දුම්රිය ස්ථානය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වන ස්ථාන නිරීක්ෂණය කරයි
2023-05-10 20:41:08
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (10) චීනයේ හෙබෙයි පළාතේ පිහිටි ෂියොන්ග් අන් නව කලාපයේ ෂියොන්ග් අන් නගරාන්තර දුම්රිය ස්ථානය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වන ස්ථානයන්හි නිරීක්ෂණ සංචාරයකට එක්ව ඇත. ෂියොන්ග් අන් නව කලාපයේ ආරම්භක ප්‍රදේශයේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව සහ නාගරික පොදු සේවා ව්‍යාපෘති සැලසුම් කිරීම් හා ඉදිකිරීම්වල තත්ත්වය පිළිබඳව ෂී ජින් පිං මහතා විමසුවේය. අදාළ ව්‍යාපෘති පිහිටි ෂියොන්ග් අන්  නව කලාපයේ ආරම්භක ප්‍රදේශය, එහි පළමු ඉදිකිරීම් කටයුතු සිදු වූ ප්‍රදේශයයි.

දැනට අදාළ අලෙවිකරණ ව්‍යාපෘති ක්‍රමයෙන් ඉදිරියට යමින් පවතින අතර, මහජන පොදු සේවා පහසුකම් සම්පූර්ණ කිරීම ද කඩිනම් කෙරේ. ජෛව පාරිසරික පද්ධතිය හා ප්‍රවාහන පද්ධතියේ ප්‍රධාන ව්‍යුහය ද මූලිකව ඉදිකෙරෙමින් ඇත.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම