චීන හා ජර්මානු විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
2023-05-10 13:48:04
Share with:

චීන විදේශ ඇමති Qin Gang මහතා සහ ජර්මානු විදේශ ඇමතිනි Annalena Baerbock මහත්මිය සාකච්ඡාවක් පවත්වති.

එම සාකච්ඡාව ඊයේ(9) බර්ලින් අගනුවර දී පැවැත්විණ.

විවිධ ගෝලීය ගැටළු හා අභියෝගයන්ට මුහුණ දෙමින් විවිධ රටවලට, ගැටුම් වෙනුවට සහයෝගීතාව, අන්‍යෝන්‍ය චෝදනා වෙනුවට අන්‍යෝන්‍ය ගෞරවය ලබා දිය යුතු බව Qin Gang මහතා එහිදී පැවසීය.

චීනය සහ ජර්මනිය එක්ව ලෝක සාමය හා සමෘද්ධිය සඳහා විශ්වාසය හා ශක්තිය ලබා දිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

හත්වන ජර්මානු-චීන අන්තර් රා‍ජ‍්‍ය සාකච්ඡාව පැවැත්වීමට ජර්මානු පාර්ශ්වය බලාපොරොත්තු වන බව Annalena Baerbock මහත්මිය පැවසුවාය. ඒකාබද්ධවීම, තිරසරභාවය සහ ක්‍රියා කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බව ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම, දේශගුණික විපර්යාස, බලශක්ති පරිවර්තනය, ජෛව විවිධත්වය සහ තරුණ හුවමාරුව යනාදී ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ද ජර්මනිය බලාපොරොත්තු වන බව Annalena Baerbock මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම