සුඩාන අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා අරාබි ලීගයෙන් විශේෂ කණ්ඩායමක්
2023-05-09 10:00:27
Share with:

අරාබි ලීගය පසුගිය 7වැනිදා යෝජනාවක් සම්මත කරමින්, අරාබි අමාත්‍ය මට්ටමේ සම්බන්ධතා කණ්ඩායමක් පිහිටුවීමට තීරණය කළේ ය. සුඩානයේ විවිධ පාර්ශ්ව සහ බලගතු රටවල් සමඟ සන්නිවේදන පවත්වමින්, සුඩාන අර්බුදය විසඳීම මෙම කණ්ඩායම පිහිටුවීමේ අරමුණ වී තිබේ.

එම කණ්ඩායමට සෞදි අරාබිය, ඊජිප්තුව සහ අරාබි ලීගයේ නියෝජිතයෝ ඇතුළත් වෙති. සුඩාන ජනතාවගේ ස්ථාවරත්ව සහ ආරක්ෂා අපේක්ෂාවන්ට අනුකූල වන පරිදි අර්බුදය විසඳීම සඳහා, සම්බන්ධතා කණ්ඩායම සුඩාන විවිධ පාර්ශ්ව, කලාපීය සහ ජාත්‍යන්තර බලගතු රටවල් සහ අදාළ ජාත්‍යන්තර සංවිධාන සමඟ සන්නිවේදනය පවත්වමින්, සුඩානයේ විස්තීර්ණ සහ තිරසර සටන් විරාමයක් ඉටු කිරීමට උත්සාහ දරනු ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම