මහ බැංකු පනත් කෙටුම්පත විවාදයට නොගෙන කල්දමයි
2023-05-09 15:23:05
Share with:

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

දැනට ඉදිරිපත්ව ඇති "ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත" වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ දී ලිපියක් ද භාර දී තිබේ.

අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරු එම ලිපියට අත්සන් තබා ඇත.

එමෙන්ම, අද දින පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත, ආනයන හා අපනයන පාලන පනත සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනත යටතේ රෙගුලාසි කිහිපයක් සම්මත කරගැනීම ද යෙදී තිබුණි.

මේ අතර හෙට දිනයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය පිළිබඳ විපක්ෂයේ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම