චීන මාධ්‍ය සමූහය සංවිධානය කරන "5•10 චීන සන්නාම දින මාධ්‍ය ක්‍රියාව" ඇරඹේ
2023-05-09 19:23:12
Share with:

"5•10 චීන සන්නාම දින මාධ්‍ය ක්‍රියාව" නමැති වැඩසටහන චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කෙරේ. මෙම වැඩසටහන අද(9) බෙයිජිංහිදී පැවැත්විණ.එම වැඩසටහනට සම්බන්ධ වෙමින්‍ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය  සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා දේශනයක් සිදු කළේය.

 චීන සන්නාම සඳහා වැදගත්ම ප්‍රදර්ශන කවුළුව මෙන්ම ප්‍රබලම සන්නාම සන්නිවේදකයා හා හොඳම හැඩගැස්වීම ලෙස, චීන මාධ්‍ය සමූහය සිය දෙස් විදෙස් මාධ්‍ය සම්පත් ඒකාබද්ධ කරමින් සන්නිවේදන වාසි තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. නිර්මාණශීලිත්වය, කලාව හා තාක්ෂණය සුසංයෝගී වූ ප්‍රචාරක උපාය මාර්ගයන්ට අනුව, චීන මාධ්‍ය සමූහය චීන සන්නාම සඳහා සන්නිවේදන වේදිකාව තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ශක්තිමත් සංවර්ධනයක් සහිත රටක් ගොඩනැගීමට සහ ජාතියේ පුනර්ජීවනය සඳහා චීන සන්නාමවල වැඩි දායකත්වයක් ලබා දීමට චීන මාධ්‍ය සමූහය උපරිම සහයක් ලබා දෙනු ඇති බවද හෙතෙම පැවසීය.

China Unicom, ICBC බැංකුව, Huawei යන ප්‍රධාන චීන ව්‍යවසායන් 100ක පමණ නියෝජිතයන් එම වැඩසටහනට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම