ඇතැම් පාර්ශ්ව කල්ලි වශයෙන් කුඩා කවයන් තුළ රැඳී සිටීම අර්ථ විරහිත ක්‍රියාවක් බව චීනය කියයි
2023-05-09 09:53:52
Share with:

කල්ලි වශයෙන් කුඩා කවයන් තුළ රැඳී සිටීම අර්ථ විරහිත ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. ඊයේ (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී,චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ පැවැසීය.

ජපානයේ සහ දකුණු කොරියාවේ නායකයෝ පසුගිය 7වැනිදා සාකච්ඡාවක නිරතවූහ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල ගැටළුවලට ප්‍රතිචාර වශයෙන් ජපානය සහ දකුණු කොරියාව, දෙරට මෙන්ම ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ.

වොෂින්ටන් ප්‍රකාශනයට සහභාගී වීමට සහ මෙවැනි ආකාරයේ සහයෝගතා  මගින් කලාපීය ආතතීන් උත්සන්න කිරීම පමණක් සිදු වන අතර න්‍යෂ්ටික අවිහරණය ද අඩපණ කරනු ඇතැයි Wang Wenbin මහතා පැවසීය. අදාළ රටවල් තවදුරටත් වැරදි මාවතක නොයනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය. කොරියානු අර්ධද්වීපයේ ගැටලුවේ මූලය සහ සන්දර්භය පැහැදිලි බව හෙතෙම පෙන්වා දුන්නේය. සියලු පාර්ශ්වයන් දේශපාලන විසඳුමේ දිශාවට ඇලී සිටිය යුතු අතරම, එකිනෙකාගේ නීත්‍යනුකූල අවශ්‍යතා සඳහා සමබර විසඳුමක් වෙනුවෙන් කැපවෙමින් අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම