නාමයෝජනා දුන් රාජ්‍ය නිලධාරීන්ට සහන ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
2023-05-09 15:24:32
Share with:

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් සිදු කර ගත යුතු බවයි. එසේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ.

නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පරිභාහිරව සේවයේ නිරත වන තැනැත්තන්ට ගැටලුවකින් තොරව අද දිනයේ සිට සේවය‍ට වාර්තා කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම