චීනයේ විදේශ වෙළඳාමේ ධනාත්මක වර්ධන ප්‍රවණතාවක්
2023-05-09 19:31:26
Share with:

මේ වසරේ මුල් මාස හතර තුළ, චීනයේ ආනයන සහ අපනයනවල මුළු වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 13.32 ක් වූ අතර, එය පසුගිය ව‍සරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 5.8කින් වර්ධනය වී ඇති බව චීන පොදු රේගු පරිපාලනය අද (9) නිකුත් කළ දත්ත මගින් පෙන්නුම් කෙරේ.

එයින් අපනයන නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 7.67 ක් වන අතර එය සියයට 10.6කින් ඉහළ ගොස් තිබේ‍. ආනයන නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 5.65 ක් වූ අතර, එය සියයට 0.02ක වැඩිවීමකි.

අදාළ දත්තවලට අනුව, අපනයන ඇණවුම් වර්ධනය වූ ව්‍යවසායක අනුපාතය අඛණ්ඩව මාස 4 තුළම අඛණ්ඩව වැඩි වී ඇත. චීනයේ විදේශ වෙළඳාමේ ස්ථාවර සහ ධනාත්මක වර්ධන ප්‍රවණතාව තවදුරටත් මෙමගින් පිළිබිඹු කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම