Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ සුරක්ෂිත බව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ කනස්සල්ල
2023-05-09 11:23:52
Share with:

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ සුරක්ෂිත බව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ කනස්සල්ල පළවේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මෑතකදී Zaporozhye න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කනස්සල්ල දැක්වීය. එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi මහතා පැවසුවේ, Zaporozhye න්‍යෂ්ටික බලාගාරයට සම්බන්ධයෙන් අවිනිශ්චිතතාව වර්ධනය වන බවයි.

Zaporozhye කලාපයේ හමුදා ක්‍රියාකාරකම් වැඩිවෙමින් පවතින බව පැවසේ. එහි න්‍යෂ්ටික බලාගාරයේ කාර්ය මණ්ඩලය තවමත් ඉවත් කර ගෙන නොමැති බව Grossi මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එම න්‍යෂ්ටික බලාගාරය පසුගිය මාර්තු මාසයේ සිට රුසියානු පාලනය යටතේ පවතී. එහි පවතින ගැටුම් හේතුවෙන් බලාගාරය යුක්රේන විදුලිබල ජාලයෙන් නිතර විසන්ධි වන අතර න්‍යෂ්ටික අනතුරක් පිළිබඳව යුරෝපීය රටවල් නැවත නැවතත් කනස්සල්ල පළ කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම