ඇමරිකා බලපෑම් හීන වෙමින් මැද පෙරදිගට යළි උදාවන වසන්තය
2023-05-09 11:09:25
Share with:

               

               පසුගිය 7වැනි දා සිරියාව යළි අරාබි ලීගයට එක් විය. ඒ, වසර 12කින් පසුව ය. සිරියාව අරාබි ලීගයේ ආරම්භක සාමාජිකයන්ගෙන් එක් රටකි. 2011 වසරේ සිරියාවේ අර්බුදකාරී තත්ත්වයක් හටගැනීමෙන් පසු අරාබි ලීගය  සිරියාවේ සාමාජිකත්වය අත්හිටුවිය. සිරියාවට යළි අරාබි ලීගයට එක් වීමට හැකි වී ඇත්තේ චීනයේ මැදිහත් වීමෙන් සෞදි අරාබිය හා ඉරානය එදිරිවාදීකම් පසෙක ලා සුහද සම්බන්ධතා ගොඩනගා නැගීමට කටයුතු කිරීමෙන් අනතුරුව ය. සිරියානු අර්බුදයේදී සෞදි අරාබිය හා ඉරානය වෙන් වෙන් ව සිරියාවේ විවිධ දේශපාලන බලවේගයන්ට සහය දී තිබේ.එබැවින් සෞදි අරාබිය හා ඉරානය අතර ඇති සංහිඳියාව සිරියාව අරාබි ලීගයේ සාමාජිකයන් සමග පවතින සම්බන්ධතා යථා තත්ත්වයට පත් වීම සඳහා යහපත් අවස්ථාවක් නිර්මාණය කර ඇත.

               ඇමරිකාව දිගුකාලීන ව මැදපෙරදිග කලාපයේ කටයුතුවලට මැදිහත් වෙමින් එම කලාපයේ රටවල් අතර විවිධ ගැටුම් හා ප්‍රතිවිරෝධතා ඇති කිරීමට කටයුතු කර තිබේ. ලෝකය නව යුගයකට පිවිසෙමින් තිබියදී සිය දෛවයට ඇමරිකාව නොව තමන් වග කිව යුතු බව බොහෝ අරාබි රටවලට කෙමෙන් අවබෝධ විය. ඇමරිකාව මැදපෙරදිග රටවලට සිය ආධිපත්‍යය යම් යම් ආකාරයෙන් පෙන්වුව ද තමන්ට ගැලපෙන සාමකාමී සංවර්ධන මාවතක ගමන් කළ යුතු යැයි එම රටවල් ක්‍රියාවෙන් පැහැදිලි සංඥාවක් නිකුත් කර ඇත. මෙවන් පසුබිමක් යටතේ සෞදි අරාබිය හා ඉරානය එදිරිවාදීකම් අතහැර යළි මිත්‍රත්වය ගොඩ නැගීමට කැමැත්තෙන් සිටින අතර සිරියාව යළි අරාබි ලීගයට එක්ව සිටී.

              “ වර්තමානයේ ඇමරිකාවේ මැදපෙරදිග කලාපයේ බලපෑම් ක්‍රමයෙන් පිරිහෙමින් පවතින අතර එම කලාපයේ බොහෝ ගැටළු විස‍‍ඳෙමින් තිබේ. මැදපෙරදිග කලාපයේ වසන්තය උදා වෙමින් තිබෙන බව පෙනේ. ” යනුවෙන් Modern Diplomacy වෙබ් අඩවිය විචාර මතයක් පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම