‘චීන-ඇෆ්ගනිස්ථාන-පකිස්තාන ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ පස්වැනි සංවාදය’ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
2023-05-09 17:05:59
Share with:

‘චීන-ඇෆ්ගනිස්ථාන-පකිස්තාන ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ පස්වැනි සංවාදය’  පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පැහැදිලි කරයි. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය චින් ගාං මහතා ඉස්ලාමාබාද් නගරයේ පසුගියදා පැවති ‘චීන-ඇෆ්ගනිස්ථාන-පකිස්තාන ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ පස්වැනි සංවාදයට’ එක්විය.

මෙය 2021 වසරේ ඇෆ්ගනිස්ථානයේ දේශපාලන තත්ත්වය වෙනස්වීමෙන් අනතුරුව එම රටවල් තුනේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති පළමු සම්මුඛ සාකච්ඡාවයි. අසල්වැසි රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය, ආරක්ෂාව, සහයෝගිතාවය, ත්‍රස්ත විරෝධය, සන්නිවේදනය, වෙළඳාම හා ආයෝජනය යනාදී  අංශ පිළිබඳව එහිදී ගැඹුරු සහ අවංක ලෙස අදහස් හුවමාරු වී ඇති අතර, පොදු එකඟතා රැසකට ද එළඹ ඇත.

අනතුරුව‘චීන-ඇෆ්ගනිස්ථාන-පකිස්තාන ත්‍රෛපාර්ශ්වික විදේශ අමාත්‍යවරුන්ගේ පස්වැනි සංවාදයේ ප්‍රකාශනය’නිකුත් කෙරිණ. අන්‍යෝන්‍ය ගරුත්වය, සමානාත්මතාවය, සංවාද සහ පොදු ජයග්‍රහණයන් පිළිබඳ මූලධර්මය මත දේශපාලනය, සංවර්ධනය, ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගිතා පුළුල් කිරීමට එහිදී එකඟත්වය පළ විය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම