චීන-බ්‍රිතාන්‍ය සබඳතාවය ප්‍රවර්ධනයට චීනයේ සහයෝගය
2023-05-09 19:01:46
Share with:

චීන බ්‍රිතාන්‍ය සම්බන්ධතාවයේ විධිමත් වර්ධනය ඉදිරියට ගෙන යාමට බ්‍රිතාන්‍යය සමග එක්ව කටයුතු කිරීමට කැමති බව චීනය ප්‍රකාශ කරයි. චීන විදේශ අමාත්‍යං‍ශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ පැවසුවේ අද(9) බෙයිජිංහි පැවති මාධ්‍ය ‍හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, උප ජනාධිපති හන් චෙන්ග් මහතා, ආරාධනාවකට අනුව ලන්ඩන්හි පැවති තෙවන Charles රජුගේ රාජාභිෂේකය සැමරීමට එක්විය. බ්‍රිතාන්‍යය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් චීන පාර්ශ්වයේ නියෝජිත කණ්ඩායමට උසස් සැලකිල්ලක්  දක්වමින්, ඉහළ මට්ටමේ සත්කාර සිදු කර ඇත.

හන් චෙන්ග් මහතා බ්‍රිතාන්‍ය පාර්ශ්වය සමග අදහස් හුවමාරු කර ගැනීම පිලිබඳව ද වං වෙන්බින් මහතා විසින් පැහැදිලි කෙරිණ. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාවයේ පදනම වෙනුවෙන් දෙරටේ රජයන් ස්ථාවර ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින්, වැඩි ප්‍රතිපත්තිමය සහයක් ලබා දිය යුතු බව එහිදී හන් චෙන්ග් මහතා අවධාරණය කළේය. මේ අතර චීන ව්‍යාපාරවලට, බ්‍රිතාන්‍යයේ ආයෝජනය කිරීම සඳහා විවෘත  හා වෙනස්ව සැලකීමෙන් තොර වන ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස ද, චීන සිසුන්ට හා සංචාරකයින්ට සුරක්ෂිතබව හා පහසුකම් සලසන ලෙස ද හන් චෙන්ග් මහතා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේය. 

චීනය සමග සම්බන්ධතාවය වැදගත් කොට සලකමින්, උසස් මට්ටමේ හුවමාරු සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය පාර්ශ්වය එහිදී ප්‍රකාශ කළේය. හරිත ආර්ථිකය, අඛණ්ඩ සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර පුළුල් සහයෝගිතා අවකාශයක් පවතින බවත්, ස්ථාවර හා සංවර්ධනාත්මක ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් ගොඩනැගිය යුතු බවත්, බ්‍රිතාන්‍ය පාර්ශ්වය එහිදී පැවසූ බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම