ගව පාලන තරුණියක ගේ වසන්තය
2023-05-09 11:02:40
Share with:

Chen Liu, 1991 වසරේ නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Tianmu කඳු ප්‍රදේශයේ උපත ලැබුවා. එහි සුවිශේෂී ගව වර්ගයක් ජීවත් වනවා. සාමාන්‍ය ගවයා ගේ ශරීරයට වඩා කුඩා ශරීරයක් හිමි මෙම ගව වර්ගය ‘ කුඩා සුනඛ ගවයා ’ලෙස සුරතල් නාමයෙන් නම් කර තිබෙනවා. නාගරිකකරණ ක්‍රියාදාමය වේගවත් ව සිදු කිරීම මෙන් ම යන්ත්‍රෝපකරණ පුඵල් අයුරින් භාවිත කිරීමත් සමග මෙම ගව ගහනය සැලකිය යුතු අයුරින් අඩු වී තිබෙනවා.

2014 වසරේ තම උපන් ගම කෙරෙහි ඇති සමීප ලෙන්ගතුකම නිසා, Chen Liu විශාල පරිමාණයකින් යුත් ‍විදේශ වෙළඳ සමාගමකින් ඉල්ලා අස් වී උපන් ගමට ආපසු ගොස් තමන්ගේම සමාගමක් ආරම්භ කළා. ගවයන් ඇති දැඩි කිරීම ඇයගේ ව්‍යාපාරය බවට පත්වුණා.

‘ නව සත්ව පාලන ගෙවිළියක ’ ලෙස, Chen Liu නව තාක්ෂණයන් උපන් ගමට හඳුන්වා දුන්නා. ඇයගේ දායකත්වය ගැන අවබෝධ කර ගෙන, උපන් ගම ආශ්‍රිත ව වෙසෙන ගම්වැසියන් ද ඇයත් සමග ගවයන් ඇති දැඩි කිරීමෙහි නිරත වෙනවා. මීට සමගාමී ව, ඔවුන් ඉදි කළ ගොවිපොළේ නිවාස හෝටල් ද සංචාරකයන් අතර ජයප්‍රිය වෙලා.

‘ නව ගොවියන් ’ වැඩි පිරිසක් ගම්මාන වලට, ගොවිබිම් වලට කඳවා ගෙන නිස්කලංක කඳුකර ප්‍රදේශයේ දී ඔවුන්ගේ අනන්‍යතාවන්ට සරිලන ලක්ෂණ ඉස්මතු කරවීම Chen Liu ගේ බලාපොරොත්තුවයි.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම