රජයේ රෝහල් වල ගෙවන වාට්ටු ස්ථාපිත කිරීමට අනුමැතිය
2023-05-09 15:26:06
Share with:

දීප ව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්  කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිවරයා විසින් 2023 වර්ෂය සඳහා වන අයවැයේ දී මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය. 

රජයේ සේවකයින් සහ විශ්‍රාමිකයින් සඳහා අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ආවරණ සලසා තිබේ. තවත් සැලකිය යුතු පුරවැසියන් සංඛ්‍යාවක් වෙනත් සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මගින් ආවරණය ලබා ගෙන තිබේ. රජයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ අමතර පහසුකම් වෙනුවෙන් පෞද්ගලිකව මුදල් ගෙවා එම පහසුකම් ලබා ගැනීමට ඇතැම් පුරවැසියන් කැමැත්තෙන් සිටින හෙයින් මෙය සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම