චීන ජනපති රුවන්ඩා ජනපති වෙත සංවේග පණිවුඩයක් යොමු කරයි
2023-05-09 09:24:00
Share with:

රුවන්ඩාවේ ධාරානිපාත වර්ෂාවෙන් ඇතිවූ ව්‍යසනය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  රුවන්ඩා ජනාධිපති Paul Kagame මහතා වෙත සංවේග පණිවිඩයක් යොමු කළේය.

රුවන්ඩාවේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු අධික වර්ෂාපතනයෙන් විශාල ජීවිත හානි සහ දේපළ හානි සිදු වූ බව දැනගත්  තමා චීන රජය සහ ජනතාව වෙනුවෙන්, විපතට පත් වූවන්ට ගැඹුරු කණගාටුව ප්‍රකාශ කිරීමටත්, විපතට පත් පවුල්වලට, තුවාල ලැබූවන්ට සහ ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට අවංක සංවේගය ප්‍රකාශ කරන බවත් ෂී ජින් පිං මහතා එම සංවේග පණිවිඩයෙන් සදහන් කරයි. රුවන්ඩාව දුෂ්කරතා ජයගෙන තම මව්බිම නැවත ගොඩනඟනු ඇතැයි  තමා විශ්වාසයෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා  කියා සිටී.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම