අරාබි රාජ්‍ය සංගමයේ සිරියා සාමාජිකත්වය ප්‍රතිස්ථාපනය කිරීමට එකඟතාව
2023-05-08 09:39:46
Share with:

වහාම ක්‍රියාත්මක වන පරිදි සිරියාවේ අරාබි රාජ්‍ය සංගමයේ සාමාජිකත්වය ප්‍රතිස්ථාපනය කිරීමට අරාබි රාජ්‍ය සංගමය එකඟතාව පළ කරයි. අරාබි රාජ්‍ය සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ (7) අදාළ කෙටුම්පත් යෝජනාව සම්මත කළේය. 2023 වසරේ මැයි මාසයේ 7වැනිදා සිට අරාබි රාජ්‍ය සංගමයේ කවුන්සිලයේ සහ එහි සියලුම සංවිධාන සහ ආයතනවල රැස්වීම්වලට සහභාගී වීමට සිරියානු රජයේ නියෝජිත පිරිසේ සුදුසුකම් නැවත පිළිගැනීම ආරම්භ කිරීමට අරාබි රාජ්‍යයන්ගේ සංගමය තීරණය කර ඇතැයි අරාබි රාජ්‍ය සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ වාරික සභාපති රට වන ඊජිප්තු විදේශ අමාත්‍ය Sameh Shoukry මහතා පැවසීය.

අරාබි රාජ්‍ය සංගමයේ මහ ලේකම් Ahmed Aboul Gheit මහතා පැවසුවේ, අරාබි රාජ්‍ය සංගමයේ සිරියාවේ සාමාජිකත්වය පුතිස්ථාපනය කිරීමෙන් සාමාජික රටවල් සිරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කළ යුතු යැයි අදහස් නොකරන බවයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කරනවා ද යන්න තීරණය වන්නේ විවිධ රටවල කැමැත්ත මතය. සිරියානු ප්‍රශ්නය විසඳීමට තව බොහෝ දුර යා යුතුව ඇතත් අරාබි රටවල පොදු අවශ්‍යතා පවතින බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම