නේටෝ සංවිධානය සිය අපරාධය කිසිදාම අමතක නොකළ යුතු බව චීනය පවසයි
2023-05-08 19:13:34
Share with:

1999 වර්ෂයේ මැයි මස 7 වනදා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය, යුගොස්ලෝවියා ජනරජයේ චීන තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. ඉන් චීන මාධ්‍යවේදීන් තිදෙනෙකු මියගියහ. නේටෝ සංවිධානයේ එම කෲර ප්‍රචණ්ඩත්වය චීන ජනතාවට කිසිදු දිනක අමතක නොවනු ඇත. ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය ද සිය අපරාධය අමතක නොකළ යුතු බවත්, කලාපීය ස්ථාවරත්වයට හානි කිරීම වහාම නතර කළ යුතු බවත්, යුරෝපීය හා ලෝක සාමයට සහ‍ය විය යුතු බවත්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (8) පැවසීය.

සීතල යුද්ධයෙන් පසු, ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය නැවත නැවතත් ලෝකයට යුධ ගිනිදැල් ඇවිලවූ බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය. සංඛ්‍යාලේඛනවලට අනුව, 2001 න් පසු නේටෝව විසින් ආරම්භ කළ සහ සහභාගි වූ යුද්ධවලින් ලක්ෂයකට ආසන්න ජනතාවක් මිය ගිය අතර කෝටි ගණනක ජනතාව අවතැන් වූ බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම