චීන-මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වෙනිදා
2023-05-08 09:43:03
Share with:

චීන-මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

චීන-මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18වැනිදා සහ 19වැනිදා චීනයේ Shaanxi පළාතේ Xi'an නගරයේ පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන්යින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.

කසකිස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov, තජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon, තුර්ක්මෙනිස්ථාන ජනාධිපති Serdar Berdimuhamedov සහ උස්බෙකිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov යන මහත්වරුන් ආරාධනාවන්ට අනුව සමුළුවට සහභාගි වනු ඇතැයි Hua Chunying මහත්මිය පැවසුවාය.

එසේම, චීන ජනාධිපතිවරයාගේ ආරාධනාවන්ට අනුව, එම රටවල් හතරේ ජනාධිපතිවරුන් එළඹෙන 16වැනිදා සිට 20වැනිදා දක්වා චීනයේ නිල සංචාර පැවැත්වීමට නියමිත බව ද Hua Chunying මහත්මිය සඳහන් කළාය.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම