මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
2023-05-08 15:54:47
Share with:

වසර පහකට වැඩි කාලයක් වාහන ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහන අසාදු ලේඛනගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කරයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති නමුත්, QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ලක්ෂ 60ක පමණ ප්‍රමාණයක් බව ද ඒ මහතා කියා සිටියේය. 

අදාළ තොරතුරු පළාත් පාලන ආයතනවලින් ලබාගෙන කඩිනමින් ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම