"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස ව්‍යාපෘතිය යළි ඇරඹීමට භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන
2023-05-08 15:48:33
Share with:

"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ.  ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් එම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාළ මුදලින්, මේ වනවිට නතරවී ඇති නිවාස 2,265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.

2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළ ද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ කොරොනා වෛරසයේ ව්‍යාප්තිය හා රට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරවල තාවකාලිකව නතර කිරීමට සිදු වූ බවයි. 

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ග්‍රාමසේවා වසම් 14,022ම ආවරණය වන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022ක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ.








ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම