චීන ආර්ථික උපායමාර්ග සහ ප්‍රතිපත්ති ගෝලීය ප්‍රවර්ධනයට ධනාත්මක සංඥාවක්
2023-05-08 09:41:06
Share with:

අතිශයින් තීරණාත්මක අවධියක් පසු කරමින් සිටින මොහොතක චීන ආර්ථික ප්‍රකෘත්තිය ගෝලීය වශයෙන් ලබා දෙන දායකත්වය ප්‍රබල ශක්තියක් බව චරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් කළමණාකරු වජිර ජයවර්ධන මහතා කියා සිටී.

චීනයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ඉලක්කය ඉතා වැදගත් සාධකයක් වන අතර ර‍ට පුරා ආර්ථික උපායමාර්ග සහ ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියාකාරීව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහිදී ඉඩකඩ සැලසෙනු ඇත. චීන ආර්ථික කළමණාකරණයේදී කුඩා සහ මධ්‍යම පරිමාණයේ මෙන්ම මහා පරිමාණයේ ව්‍යවසායකයින් දිරිමත් කරමින් සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම, චීනය තුළ ආර්ථික සංවර්ධනයට මෙන්ම එහි ප්‍රතිඵල ලෝක ආර්ථික වර්ධනයටත් ප්‍රධාන සාධකයක් වන බවද වජිර ජයවර්ධන මහතා පැවසීය.

එමෙන්ම ගෝලීය ප්‍රජාව සහ සංවිධාන මේ කාලවක‍වානුවේ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ හරිත සංවර්ධනයට සහ හිතකර බලශක්ති නිෂ්පාදන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවයි. ඒ කාර්ය සාර්ථක කර ගැනීමට නම් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම අතිශයින් කාලෝචිත වනු ඇත. එවැනි සමාගම්, තාක්ෂණික න‍වෝත්පාදනයන් කෙරෙහි සහාය වැඩි කිරීම සඳහා මූල්‍ය සමාගම් දිරිමත් කිරීම කෙරෙහිත් චීනය ඉහළ අවධානයක් යොමු කර ඇති බවක් පෙනේ.

චීන ආර්ථික වර්ධනයත් සමග ලෝකය වසර 3ක පටන් පීඩා විඳින වසංගත ඛේදවාචකයෙන් මිදී, නව පාලන ප්‍රතිපත්ති සහ වෙළඳපොළ විවෘත කිරීමේ ප්‍රතිපත්ති හරහා මන්දගාමී ලෝක ආර්ථික වර්ධන වේගයට ගාමක බලයක් සැපයීමට චීනයට හැකි වෙතැයි අපේක්ෂා කළ හැකි බව චරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් කළමණාකරු වජිර ජයවර්ධන මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම