විදේශයන්හි සිටින චීන ජාතිකයන්ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-05-08 16:55:20
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විදේශයන්හි සිටින චීන ජාතිකයන්ගේ සංගමයේ මිත්‍රත්ව සමුළුවේ නියෝජිතයන් හමුවිය. එම හමුව අද (8) උදෑසන බෙයිජිංහි මහජන මහ ශාලාවේ දී සිදුවිණ.

චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා චීන රාජ්‍ය මණ්ඩලය  නියෝජනය කරමින්, ෂී ජින් පිං මහතා එහිදී ලෝකයේ සියලුම විදේශයන්හි සිටින චීන ජාතිකයන්ට සිය අවංක සුබ පැතුම් පිරිනැමීය.  

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එක්සත් පෙරමුණු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Shi Taifeng  මහතා එම සමුළුවේ සමාරම්භක උත්සවයේදී දේශනයක් සිදු කළේය. විදේශයන්හි සිටින චීන ජාතිකයන් චීනය සහ ලෝකය සම්බන්ධ කරන වැදගත් පාලමක් බවත්, ඔවුන් ලෝක සාමය හා චීනය සහ විදේශ රටවල් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම