චීන විදේශ අමාත්‍යවරයා සහ චීනයේ ඇමරිකානු තානාපතිවරයා අතර හමුවක්
2023-05-08 15:53:50
Share with:

 චීන විදේශ අමාත්‍ය චින් ගාං මහතා අද(8) බෙයිජිංහි දී චීනයේ ඇමරිකානු තානාපති Nicholas Burns මහතා හමු විය. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම, පොදු ජයග්‍රහණයන් පිළිබඳ ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මූලධර්මයට අනුකූලව,  චීනය ඇමරිකාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගන්නා බව චින් ගාං මහතා එහිදී පෙන්වාදුන්නේය. 

ඇමරිකාවට සිය හැසිරීම් යළි සමාලෝචනය කර චීනය සමග එක්ව ද්විපාර්ශ්වික සබඳතාවය අසීරුතාවයන්ගෙන් මුදවා විධිමත් දිශාවකට ගෙන යාමට හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. ඇමරිකාව චීනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ සංවර්ධනයේ යහපතට හානි නොවන සේ කටයුතු කළ යුතු අතර, තායිවාන ප්‍රදේශයට අදාළ ප්‍රශ්න සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව හැසිරිය යුතුය. එකම චීනය මූලධර්මයේ අන්තර්ගතය ශූන්‍ය කිරීමට උත්සහ නොකරමින්, තායිවාන බෙදුම්වාදීන්ගේ ක්‍රියාවන්ට ඉඩ නොදෙන ලෙස ද චීනය ඉල්ලීමක් කර ඇත. සන්සුන්, වෘත්තීමය හා ප්‍රායෝගික ආකල්පයක සිට අනපේක්ෂිත හා හදිසි සිද්ධීන් පාලනය කළ යුතු අතර, ඇමරිකා-චීන සබඳතා තවදුරටත් බලපෑමට ලක්නොකිරීමට ප්‍රයත්න දැරිය යුතු බව ද චින් ගාං මහතා එහිදී අවධාරණය කර ඇත.  


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම