ඉහළම අස්වැන්නක් ලබා දෙන වී ප්‍රභේද ගණනාවක් නිපදවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි
2023-05-08 15:50:41
Share with:

ආර්ථික අර්බුදය හේතුවෙන් කෘෂිකර්මාන්තයට විවිධ බලපෑම් එල්ලවුව ද පසුගිය මහ කන්නයේ දී මෙරට ගොවීන් ඉහළම වී අස්වැන්නක් රටට ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නව නියෝජිතවරිය ලෙස පත්වූ Azusa Kubota මහත්මිය සමග පැවති හමුවකදීය.

ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිදපවා තිබෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

2022 වසරරේ දී  ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවෙතැයි බොහෝ දෙනෙක් උපකල්පනය කළ ද රජය විසින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් පියවර හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට සහල් රට තුළ නිපදවා ගැනීමට හැකි වූ බවත්, පසුගිය මහ කන්නයේ දී වාර්තාගත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. එමෙන්ම රැකියා විරහිත තරුණ කොටස් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝජිතවරියට යෝජනා කළේය. 

පසුගිය කාලය තුළ පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබූ පියවර Azusa Kubota මහත්මිය විසින් ඇගයීමට ලක් කළාය. 


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම