චීන විදේශ අමාත්‍යවරයා ජර්මනිය, ප්‍රංශය හා නෝර්වේ රාජ්‍යන්හි සංචාරයකට සූදානම් වෙයි
2023-05-08 19:50:18
Share with:

චීන විදේශ අමාත්‍ය චින් ගාං මහතා ජර්මනිය, ප්‍රංශය හා නෝර්වේ රාජ්‍ය යන රටවල් තුනේ සංචාරයක නිරත වීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පැවසීය.ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද(8) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවේදීය. 

ජර්මානු විදේශ ඇමතිනි Annalena Baerbock, ප්‍රංශ විදේශ ඇමතිනි Catherine Colonna හා නෝර්වේ රාජ්‍යයේ විදේශ ඇමතිනි Anniken Huitfeldt යන මහත්මියන්ගේ ආරාධනාවන්ට අනුව ඔහු එම සංචාරයන්ට එක්වීමට නියමිතයි. අද(08) දින සිට ලබන 12 වැනිදා දක්වා එම සංචාරය සිදු කෙරෙන බව වං වෙන්බින් මහතා පවසයි. 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම