චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා ඊයේ(06) බෙයිංජිං හි දී හමු වූහ.
ලෝක සාමය පවත්වා ගැනීම සහ මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමෙහිලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සුවිශේෂී සහ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව Li Qiang මහතා එහිදී සඳහන් කළේය.
චීනය සෑම විටම ක්‍රීඩාවේ දියුණුව අගය කරන අතර, ඔලිම්පික් කටයුතුවලට ක්‍රියාකාරීව සහභාගී වී වසර ගණනාවක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ ඵලදායි සහයෝගීතාවයක් පවත්වා ගෙන තිබේ. පසුගිය වසරේ "සරල, ආරක්ෂිත සහ විශිෂ්ට" ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සාර්ථකව පැවැත්වීමෙන් ඒ බව සනාථ වන බව ද චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය.
බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල අසමසම සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අතර වටිනා උරුමයක් ඉතිරි කර ඇති බවත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත දිගුකාලීන සහයෝගය ලබා දීම වෙනුවෙන් චීනයට කෘතඥතාව පළ කරන බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා සඳහන් කළේය.
ලෝක සාමය පවත්වා ගැනීම සහ අන්‍යෝන්‍ය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔලිම්පික් ව්‍යාපාරයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කැමැත්තෙන් සිටින බව ද එහි ප්‍රධානියා වැඩි දුරටත් පැවසීය.