අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ මෙතෙක් ඇගයීම් කටයුතු සිදු නොකළ විෂයයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම රට පුරා තවත් මධ්‍යස්ථාන 10කදී ලබන සඳුදා(8) ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස් වී මැයි 4 වැනිදා ගනු ලැබූ තීන්දුවට අනුව මෙය සිදු කෙරෙනු ඇත. පිළිතුරු පත් ඇගැයීම සඳහා 1,300ක් පමණ වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊට එක් වීමට නියමිතයි.
උපයන විට ගෙවීමේ බදු ලිහිල් කිරීමට හෝ ඒ වෙනුවෙන් සහනයක් සලසන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක පසුගිය මාර්තු මස 9 දා සිට නිරත වීම නිසා උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම මාස දෙකහමාරකින් පමණ පමා විය.