ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා චීන මාධ්‍ය සමූහය නරඹයි
2023-05-07 16:25:52
Share with:

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා ඊයේ(6) චීන මාධ්‍ය සමූහය නැරඹීමට එක් විය. හෙතෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ඇමති චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සමග ඔලිම්පික් උළෙල විකාශනය, නව තාක්ෂණ පර්යේෂණ හා භාවිතය, ඔලිම්පික් ජීවගුණය පැතිරීම පිළිබඳව අදහස් හුවමාරු කළේය. එම චාරිකාව තුළ ගෝලීය වශයෙන් ඔලිම්පික් සංස්කෘතිය පැතිරීම පිළිබඳ CGTN දරා ඇති දැවැන්ත දායකත්වය Thomas Bach මහතාගේ ප්‍රශංසාවට ලක් විය. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල විකාශනයේ දී රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාව, නව තාක්ෂණ භාවිතය හා සංඥා නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍රවල චීන මාධ්‍ය සමූහය නව වාර්තා තබා තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් රන් සම්මාන 5ක් චීන මාධ්‍ය සමූහයට හිමි වී ඇත. එම සරු ප්‍රතිඵල මත චීන මාධ්‍ය සමූහය සමග සහයෝගිතා වඩාත් විශාල ප්‍රගතියක් ලබා ගනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විශ්වාසය පළ කරන බව Thomas Bach මහතා කීය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග ඔලිම්පික් ක්‍රීඩා හා සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව Shen Haixiong මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම