අවවාදාත්මක කාලගුණ නිවේදනයක්
2023-05-07 16:35:31
Share with:

අද(07) රාත්‍රී 8.30 දක්වා වලංගු වන තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වර්ෂාපතනය තවදුරටත් බලාපොරොත්තු විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (07) පෙරවරුවේ  නිකුත් කරනු ලැබ තිබේ.

එය 08 වැනිදා පෙරවරු 9.00 දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම