තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති එක් වෙයි
2023-05-07 16:36:27
Share with:

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ඊයේ(06) පස්වරුවේ වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවති උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූහ. මෙහිදී චාල්ස් රජු සහ කැමිලා බිසව ද කිරුළු පැලදීම සිදු කෙරිණ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් 05 වැනිදා ලන්ඩන් නුවර දී පැවති අතර එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි. ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම