චීනයේ ප්‍රථම ස්වාධීනව නිෂ්පාදනය කරන ලද නැව් ගමනාගමන කළමනාකරණ පද්ධතිය අද අත්හදාබැලීම් ක්‍රියාත්මක වේ
2023-05-06 17:23:28
Share with:

චීන ප්‍රවාහන අමාත්‍යංශයට අනුව, චීනයේ ප්‍රථම ස්වාධීනව නිෂ්පාදනය කරන ලද නැව් ගමනාගමන කළමනාකරණ පද්ධතිය අද(6) Shandong පළාතේ Weifang නගරයේ දී අත්හදාබැලීම් සිදු කෙරේ.

නැව් ගමනාගමන කළමනාකරණ පද්ධතිය යනු රේඩාර්, සන්නිවේදන, වීඩියෝ, ස්වයංක්‍රීය නැව් හඳුනාගැනීම සහ කාලගුණ තොරතුරු යන විවිධ උසස් සහ අති නවීන තාක්ෂණයන් ඒකාබද්ධ කරන ඉහළ මට්ටමේ ඉලෙක්ට්‍රොනික අධීක්ෂණ පද්ධතියකි.

Weifang නැව් ගමනාගමන කළමනාකරණ පද්ධතියේ දී, ඉදිරිපස රේඩාර් සංඥා අත්පත් කර ගැනීම, දත්ත සැකසීම, පාලන මෙහෙයුම්, විස්තීර්ණ සංදර්ශකය යන ඒ ඒ කොටස් චීනය ස්වාධීන ව නිෂ්පාදනය කර තිබේ.

චීන ප්‍රවාහන අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, චීනය දැනට ලෝකයේ නැව් ගමනාගමන කළමනාකරණ පද්ධති මධ්‍යස්ථාන ඉදිකිරීම් සංඛ්‍යාව වැඩිම සහ අධීක්ෂණ ජල ප්‍රදේශය සහිත විශාලතම රට බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම