චීනයේ සංවර්ධනයට බාධා කරන ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග
2023-05-06 08:31:19
Share with:

ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනයට බාධා කරන බල කණුවක් ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කටයුතු කරන බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ, ව්‍යාපාර හා සන්නිවේදන අධ්‍යයන පීඨයේ, භාෂා සහ සන්නිවේදන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය දසුනි නයන්තරා ජයරත්න මහත්මිය පවසයි. එම රටවල සංවර්ධනය ඔවුන්ගේ පැවැත්මට බාධාවක් බව සිතමින් එවැනි බලපෑම් සිදු කරයි. විශේෂයෙන්ම චීනයේ සාර්ථක සංවර්ධන ගමන්මඟට ද ඇමරිකාව එවැනි අනිසි බලපෑම් කරනු දැකිය හැක.

චීනය ලොව අන් රටවලට වඩා වෙනස්ව තමන්ට අනන්‍ය වූ වැඩපිළිවෙළක් තුළ සංවර්ධනය සාක්ෂාත් කර ගෙන ඇත. එමෙන්ම ලෝකයේ සමස්ත සංවර්ධනය වෙනුවෙන් මිත්‍රශීලී හවුල්කරුවෙකු ලෙස සුවිශේෂී කාර්යභාරයක් ද ඉටු කරයි. එහෙයින් එවැනි ඵලදායී මැදිහත්වීමක් සිදු කරන චීනයේ සංවර්ධනයට සිදු කරන බාධා වහාම නතර කළ යුතු බව ද ඇය අවධාරණය කරයි.

ස්වයං සංවර්ධන ප්‍රවේශය සාර්ථක බව චීනය ලෝකයට පෙන්නුම් කර ඇත. එමෙන්ම චීනයේ සියලු ජනතාව පොදු අරමුණක් තුළ සිය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ද ඉතා ප්‍රශංසනීය වේ. එවැනි තත්ත්වයක් ‍හමුවේ චීනයේ සංවර්ධනය කිසිවිටක නවතා දැමිය නොහැකි බව ද කථිකාචාර්ය දසුනි නයන්තරා ජයරත්න මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම