ලෝකයටම තර්ජනයක් වූ ඇමරිකාවේ සයිබර් ප්‍රහාර පිළිබඳ චීනයෙන් අනාවරණයක්
2023-05-06 13:07:06
Share with:

චීන ජාතික පරිගණක වෛරස්වලට හදිසි ප්‍රතිචාර දැක්වීමේ මධ්‍යස්ථානය හා අන්තර්ජාල ආරක්ෂණ වේදිකාවක් වන 360 සමාගම විසින් මෑතකදී සමීක්ෂණ වාර්තාවක් නිකුත් කරන ලදි. ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින්, විදේශ රජයන්, සමාගම් හා පුරවැසියන්ගේ තොරතුරු එකතු කිරීම මෙන්ම සෙසු රටවල, ‘සාමකාමී පරිණාමයන්’  හා ‘වර්ණ විප්ලවයන්’ ක්‍රියාත්මක කිරීම හා ඔත්තු බැලීම අඛණ්ඩව සිදු කර ඇතැයි එම වාර්තාව හෙළිදරව් කර ඇත.

සීතල යුද්ධයෙන් අනතුරුව, සිය ඒකධ‍්‍රැවීය අධිපතිවාදය තවදුරටත් තහවුරු කිරීමට ප්‍රයත්න දරන ඇමරිකාව අන්තර්ජාලය වෙත සිය අවධානය යොමු කර ඇත. 1995 වර්ෂයේ එරටේ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ‘අන්තර්ජාල-උපායමාර්ගික ඇස්තමේන්තුව’ නම් වාර්තාව නිකුත් කළේය. ‘අන්තර්ජාලය, ප්‍රහාරක ඉලක්කයක් ලෙස ද සැලකිය හැකි’ බව එහි පැහැදිලිව සටහන්ව ඇත. 21වන සියවසෙන් පසු, පැවති හා වත්මන් ඇමරිකානු රජයන්ගේ නොනවතින උත්සාහයෙන්, ‘ප්‍රහාරක අන්තර්ජාල උපායමාර්ගයන්’ නිර්මාණය වී  තිබේ. මේ යටතේ අන්තර්ජාල හැකර්වරයෙකු බවට පරිවර්තනය වූ මධ්‍යම බුද්ධි ඒජන්සිය විශාල පරිමාණයේ අන්තර්ජාල ප්‍රහාරක අවි පර්යේෂණය ද සිදු කර තිබේ.

ඇමරිකාවේ එවැනි අන්තර්ජාල අවි, ලෝකයේ සමස්ත අන්තර්ජාලය හා ‘Internet of Things’ හි දේපළ, ද අනිසි ලෙස ආවරණය කර ඇත. ඒ බව චීනය මෙවර පළකළ වාර්තාවේ සාක්ෂි අධ්‍යයනයෙන් පසු පැහැදිලිව විග්‍රහ කර තිබේ. එමගින් ඇමරිකාවට අවශ්‍ය අවස්ථාවලදී සෙසු රටවල අන්තර්ජාලය අධීක්ෂණය කරමින්, වැදගත් හා සංවේදී දත්ත ලබා ගැනීමට හැකි වී ඇති බව අනාවරණය කර ඇත. චීනය ඇතුළු බොහෝ රටවල් ඇමරිකාවේ අන්තර්ජාල දත්ත සොරකම් කිරීමේ හා සයිබර් ප්‍රහාරවල ගොදුරක් වූ බව පැහැදිලිය.

දිගු කලක් පුරා ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය ලෝකයට සිදු කළ හානි වඩාත් හොඳින් කැපී පෙනේ. නිදසුනක් ලෙස ‘අරාබි වසන්තයෙන්’ පසු අවසානයේ ශේෂ වූයේ අදාළ රටවල මානුෂීය අර්බුදයන් හා ආර්ථික අවපාතයන් පමණයි. මෙවැනි සැඟවුණු උපායන් හේතුවෙන් ඇමරිකාවේ ජාතික විශ්වසනීයභාවය ද,  මේ වන විටත් බංකොලොත්භාවයට පත් වී අවසන්ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම