විදුලිය ප්‍රතිව්‍යුහගත කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහාය
2023-05-06 17:29:07
Share with:

මෙරටට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය හිමි වේ. ඒ සඳහා උපදෙස් ලබා දීමට එම බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එහිදී අවශ්‍ය තාක්ෂණික සහාය ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ඇත. විදුලිබල සමාගම් බවට පරිවර්තනයේදී රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේද අනුගමනය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීමට අවශ්‍ය කරුණු යෝජනා කෙරෙනු ඇත. එම ව්‍යාපෘති හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට විශේෂ ඒකකයක් අමාත්‍යංශය තුළ පිහිටු වීමට නියමිතය. එම ව්‍යපෘති සහ අනෙකුත් පුනර්ජනනීය ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය සහාය ලබා දීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවෙන් උපදෙස් ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම