පකිස්ථාන ජනාධිපතිවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2023-05-06 09:32:34
Share with:

පකිස්ථාන ජනාධිපති Arif Alvi මහතා ඊයේ (5) ඉස්ලාමාබද්හි නිල සංචාරයක නිරත චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා හමුවිය.

ජාත්‍යන්තර තත්ත්වයේ වෙනස්කම් වඩාත් ගැඹුරු වන තරමට සමීප සහ ශක්තිමත් පකිස්ථාන-චීන මිත්‍රත්වයක් ගොඩනගා ගැනීම අවශ්‍ය බව Arif Alvi මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ ඉදිකිරීම් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සහ කෘෂිකර්මාන්තය, සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාවයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට පකිස්ථානය අපේක්ෂා කරයි. පකිස්ථානයේ සිටින චීන ජාතිකයන්ගේ සහ ආයතනවල ආරක්ෂාව සහතික කිරීමට පකිස්ථානය උපරිම උත්සාහයක් ගන්නා අතර ඇෆ්ගනිස්ථානයේ සාමය සහ යළි සංවර්ධනය සඳහා දායක වීමට චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.

චීනය සෑමවිටම පකිස්ථානය සමඟ ස්ථිරව කටයුතු කර ඇති බවත්, පකිස්ථානයේ සමගිය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා සහය දක්වන බවත්, ජාතික ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට සහාය වන බවත් Qin Gang මහතා පැවසීය. චීනය පකිස්ථානය සමඟ එක්ව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කර, කර්මාන්ත, කෘෂිකර්මය, තොරතුරු තාක්‍ෂණය සහ ආපදා වැළැක්වීම සහ අවම කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම පකිස්ථානයේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ මිනිසුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අඛණ්ඩව සහය ලබා දෙන බව ද Qin Gang මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම