නව කොරොනා වසංගතය තවදුරටත් "ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්" නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි
2023-05-06 09:09:15
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (5) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව කොරොනා වසංගතය තවදුරටත් “ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” නොවන බවයි.

මැයි 4 වන දින, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව කොරොනා වසංගත හදිසි කමිටුවේ 15 වන රැස්වීම පැවැත්විණ. එහිදී ලොව පුරා සිටින විශේෂඥයෝ ගෝලීය නව කොරොනා වසංගත තත්ත්වය පිළිබඳ තක්සේරු කළහ. විශේෂඥ‍යෝ පවසන්නේ නව කොරොනා වෛරසයේ විභව විකෘති අවිනිශ්චිතතාවයන් පිළිගන්නා අතරම, නව කොරොනා වසංගතයේ දිගුකාලීන කළමනාකරණයට සංක්‍රමණය වීමට කාලය පැමිණ ඇති බවයි..

Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ(5) විශේෂඥ‍යන්ගේ උපදෙස් අනුව, නව කොරොනා වසංගතය තවදුරටත් “ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්”නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම